කොළඹ යළි යටවීමේ අවදානමක් - සියලු රාජ්‍ය ආයතන වෙත දැනුවත් කිරීමක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය වාර්තාවක් මගින් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කර ඇත්තේ එල්නිනෝ තත්ත්වය තවදුරටත් ශක්තිමත්වීම සහ නිරිතදිග මෝසම සක්‍රියවීම හේතුවෙන් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වර්ෂාපතනය වැඩිවී ගංවතුර හා හදිසි ගංවතුර ඇතිවිය හැකි බැවින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

නොවැම්බර් දෙවැනිදා මෙම වාර්තා නිකුත් කළ පසුබිමක කොළඹ නගරය, අවිස්සාවේල්ල නගරය, නාවලපිටිය නගරය ක්ෂණික ගංවතුරකට පසුගිය දින තුන තුළ ලක්විය.​

රටම මඟ බලපු විභාග ප්‍රතිපල නිකුත් වෙයි - රාජ්‍ය සේවය ගැනීම ආරම්භයි - සම්මුඛ පරීක්ෂණයට දිනයත් නිකුත් වෙයි

රටම මඟ බලපු විභාග ප්‍රතිපල නිකුත් වෙයි - රාජ්‍ය සේවය ගැනීම ආරම්භයි - සම්මුඛ පරීක්ෂණයට දිනයත් නිකුත් වෙයි

 

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න කියා සිටියේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් 2010 වසරේ මිලිමීටර් 440 කත්, 1993 වසරේ මිලිමීටර් 493 ක වර්ෂාපතන වාර්තා වී තිබෙන බැවින් ඉදිරියේදීත් මෙවැනි අවස්ථා පැමිණීමේ ඉඩකඩ තිබෙන බවයි.

අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පසුගිය හයවැනිදා පැවසුවේ කොළඹට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 120 ට වැඩි බවත් ජල ප්‍රමාණය ක්ෂණිකව බැස යෑමට ක්‍රමයක් නොතිබීම සහ කානු පද්ධති අවහිරවීම ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපෑ බවයි.

ශ්‍රී ලංකා පොලිසිය මගින් - භාෂා තුනම ආවරණය වන පරිදි - දුරකථන අංකයට අමතරව නිල වෙබ් අඩවියක්

ශ්‍රී ලංකා පොලිසිය මගින් - භාෂා තුනම ආවරණය වන පරිදි - දුරකථන අංකයට අමතරව නිල වෙබ් අඩවියක්

කොළඹ නගරය යටවීම සම්බන්ධයෙන් කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් කියා සිටින්නේ කොළඹ නගර​යේ කානු පද්ධතිය මීට වසර ගණනාවකට පෙර නිර්මාණය කර ඇත්තේ මිලිමීටර් 30 ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන අන්දමට බවත්, ඉකුත් හයවැනිදා ඇතිවූ වර්ෂාපතනය මිලිමීටර් 129 ක් බැවින් මෙවැනි තත්ත්වයක් ඇතිවූ බවය.

මේ අතර ඊයේ (8) පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වැසි සහ සුළං හේතුවෙන් අවිස්සාවේල්ල පෞද්ගලික බස් නැවතුම්පොළ සම්පූර්ණයෙන් ජලයෙන් යටවිය. කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය, පුවක්පිටිය ප්‍රදේශයෙන්ද ජලයෙන් යටවිය.

දැඩි සුළං හේතුවෙන් නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටීමෙන් තිදෙනෙක් තුවාල ලැබූ අතර බැතිමතුන් පැමිණි වාහනවලටද දැඩි හානි සිදුවී ඇත.