නායයාම යළි සක්‍රීය වෙයි. - ප්‍රධාන මාර්ග කිහිපයක ගැන අවවාදාත්මක නිවේදනයක්. - (PHOTOS)

Sri Lanka Police Landslide In Sri Lanka Weather
By Wayomi May 17, 2024 09:49 AM GMT
Wayomi

Wayomi

Report

වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නායයාම දැඩි ලෙස සක්‍රිය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද (17) කියා සිටියේ,මේ වන විටත් එහි පස්තට්ටු , මඩ සමග බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ ගලායමින් පවතින හෙයින් ඇල්ල වැල්ලවාය මාර්ගයට දැඩි අවධානම් තත්ත්වයක් උදා වී ඇති බවයි.

මෙම අවධානම මෙන්ම වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය මාර්ගයේ තැනින් තැනට විශාල ගල්පර්වත ගස්කොළන් පස්කදු කඩා වැටීමට පටන් ගෙන තිබිම නිසාවෙන් මාර්ගයේ පවතින දැඩි අවධානමත් සමඟ අද (17) උදෑසන සිට යළි විවෘත කළ මාර්ගය දැඩි වර්ෂාව පතිත වන අවස්ථා වලදී තාවකාලිකව විටින් විට වසා දැමීමට සිදුවන බවද ඔහු කියා සිටියා.

ඒ, අනුව මාර්ගය මෙසේ වසා දමන අවස්ථා වලදී ඇල්ල වැල්ලවාය මාර්ගය වෙනුවට විකල්ප මාර්ගය ලෙස වැල්ලවාය, කොස්ලන්ද බෙරගල හපුතලේ බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරන ලෙසට ඇල්ල පොලිසිය රියදුරන්ට දැනුම් දී ඇත.

එමෙන්ම ඇතිවන වර්ෂාපතන තත්ත්වය අනුව ඕනෑම මොහොතක ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය වසා දැමීමට කටයුතු කරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.


GalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%