දිස්ත්‍රික්ක නවයකට නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කරයි

colombo matara kegalle nuwara eliya land slide
By Sewvandhi Jun 05, 2021 02:17 AM GMT
Report

කොළඹ, ගාල්ල, කළුතර, නුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් අද (05) දිනය තුල විටි විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට පමණ තද වැසි ද ඇතිවිය හැකියි. වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

සෙසු ප්‍රදේශ වල අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now