මෙරට අනපේක්ෂිත ලෙස ඔක්සිජන් හිගවීමට හේතුව මෙන්න.

Covid Hospital Hemantha herath lack of oxygen-
By Aruna Jul 29, 2021 03:11 AM GMT
Report

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන රෝහල්වලට ආරක්ෂිත ඔක්සිජන් තොග ලබාදීමට මේ වන විට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

අනපේක්ෂිත ලෙස කොරෝනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් කෙටි කාලයකදී පමණක් ස්ථාන කිහිපයකින් ඔක්සිජන් හිගවීමේ සිද්ධීන් ඉකුත් දිනවල වාර්තා වූ බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 63 ක් ඊයේ තහවුරු කළා.

ඊයේ දිනය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 1,900 සීමාව ඉක්මවා ගියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

<