රාත්‍රී සේවය කරන කාන්තාවන්ට කම්කරු නීති අලුත් වෙන ලකුණු

Report

වර්ථමානයේ බොහෝ කාන්තාවන් රාත්‍රී කාලයේ රාජකාරී කටයුතු කරයි .ඒ නිසාම කම්කරු අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අවධානය ඒ වෙත යොමුව තිබේ. රාත්‍රියේ වැඩකරන කාන්තාවන්ගේ නීතිය ඇතුළු කම්කරු නීති 14ක් ප්‍රතිසංස්කරණයට සැලසුම් කර තිබේ.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණි.

අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මෙලෙස යෝජනා වී ඇති කම්කරු ප්‍රතිසංස්කණ යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීමට සලකා බලන  බවයි.

උතුරු ආණ්ඩුකාරවරයා කාටද මුට්ටි අල්ලන්නේ? අධ්‍යාපනය දේශපාලනීකරණය වෙලා - ස්ටාලින්ට මල පැනලා

උතුරු ආණ්ඩුකාරවරයා කාටද මුට්ටි අල්ලන්නේ? අධ්‍යාපනය දේශපාලනීකරණය වෙලා - ස්ටාලින්ට මල පැනලා

මේ පිළිබද අවධානයට යොමු වුණේ පසුගිය දා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව නැවත හමු වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවැසුවේ දැනට භාවිතයේ පවතින කම්කරු නීති 14ක ප්‍රතිසංස්කරණ අධ්‍යයනය කිරීම සඳහා සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ බවයි.

තවදුරටත් එතුමා ප්‍රකාශ කළේ ප්‍රධාන වශයෙන් ශ්‍රමයට අදාළ පනත් කෙටුම්පත් හතරක් සකස් කිරීම සඳහා එකග වුණ බවයි. එම කරුණු නම් වෘත්තීය සමිති, ශ්‍රමය, වෘත්තීය ආරක්ෂාව සහ ශ්‍රමයෙන් ඉවත් වීම යන ඒවායි.

ගල්කිස්ස නීතිඥ වන්නිනායක ගල්කිස්ස අධිකරණයට

ගල්කිස්ස නීතිඥ වන්නිනායක ගල්කිස්ස අධිකරණයට

එවගේම අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේ වෙනම පනත් කෙටුම්පත් සකස් කිරීමට කමිටුව එකඟ වූ බවත් නව නීති සම්පාදනය කරන තෙක් පවතින නීතිවලට අවශ්‍ය සංශෝධන සිදු කරන බවයි.

එමෙන්ම තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා රාත්‍රියේ වැඩ කරන කාන්තාවන් පිළිබඳ නීතිය, කම්කරු ආරක්ෂණ පනත සහ සේවයෙන් ඉවත්කිරීමක් සිදුවුවහොත් රක්ෂණයට අදාළ කරුණු සඳහා ද සංශෝධන සිදු කරන බව සදහන් කළේය.

තවද අමාත්‍යාංශ නිලධාරීන් සදහන් කළේ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින වගයි .

ඒ වගේම එය ඉක්මණින් ප්‍රකාශය කරන බවයි කම්කරු දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය නවීකරණයට කටයුතු කරන බවත් නිළධාරීන් සදහන් කර තිබේ.

යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ කෙටුම්පත් වෘත්තීය සමිති ඇතුළු අදාළ  පිරිස්  සමඟ සාකච්ජා කොට සකස් කරන බව මෙහිදී කරුණු දැක්වූ කාරක සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් තම අදහස් දැක්වීමේදී ප්‍රකාශ කර ඇත.    

ඉෂාරා සෙව්වන්දි එක්ක එන්න STF ලොක්කෝ දෙන්නෙක් යයි

ඉෂාරා සෙව්වන්දි එක්ක එන්න STF ලොක්කෝ දෙන්නෙක් යයි