කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

covid19 isolated official web labor department
By Sewvandhi Jun 05, 2021 07:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ 'අප අමතන්න' යටතේ සඳහන් කර ඇති දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කම්කරු නීතිවලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පැමිණිලි, විමසීම් සිදුකළ හැකි බව දැනුම් දෙයි.

ඊට අදාළ ලිඛිත විමසීම් තමා සේවය කරන හෝ සේවය කරන ලද ආයතනය පිහිටා තිබෙන බලප්‍රදේශයට අයත් කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට ද මහජනතාවට අවස්ථාව සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පවතින කොවිඩ් තත්ත්වය මත කම්කරු දෙපාර්තමේන්තුවට අයත් කම්කරු කාර්යාල මහජනතාව සඳහා විවෘත නොවන නමුත් අවශ්‍ය සේවා සැපයීමට පියවර ගෙන ඇති බව දැනුම් දී තිබේ.

කම්කරු දෙපාර්තමේන්තුවට අයත් නිල වෙබ් අඩවිය -  http://www.labourdept.gov.lk ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින්,


Gallery