24 හැවිරිදි තරුණයෙකු කෝටි 8ක් වටිනා කුෂ් සමඟ අත්අඩංගුවට

Report

රුපියල් මිලියන 80කට (කෝටි 8කට) වඩා අධික වටිනාකමකින් යුත් කුෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට ගුවන් මඟින් අද දින මෙරටට පැමිණ ඇති බව ආරක්ෂක අංශ තහවුරු කරයි.

මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි, පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරයෙකු ලෙස සේවය කරන 24 හැවිරිදි තරුණයෙකි. '

අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි

අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි

ඔහු විසින් රැගෙන ආ සංචාරක ගමන් මල්ල සෝදිසි කිරීමේදී රහසිගතව අසුරා තිබූ පැකට් 19ක් සොයාගෙන ඇති අතර, ඒවා තුළ තිබී බර කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 365ක් වූ කුෂ් මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි පුළුල් විමර්ශන කටයුතු සඳහා සැකකාර තරුණයා සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම් තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

නරක ආරංචියක් - දෙන්නම් කිව්ව නිවාස ආධාරය මේ අයට දෙන්න බැරි වෙන ලකුණු

නරක ආරංචියක් - දෙන්නම් කිව්ව නිවාස ආධාරය මේ අයට දෙන්න බැරි වෙන ලකුණු