මාස තුනකට පස්සේ ඉරානයට නැවතත් අන්තර්ජාල ප්‍රවේශය

Report

ආරක්ෂක හේතූන් මත පසුගිය මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබූ ඉරානයේ ජාතික අන්තර්ජාල සේවාවන් නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය එරට රජය විසින් ආරම්භ කර තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඉරාන උප ජනාධිපතිවරයා විසින් සිය නිල 'X'  ගිණුමෙහි තබන ලද සටහනක් මඟින් මේ බව නිල වශයෙන් තහවුරු කර ඇති බවයි.

මැදපෙරදිග කලාපය තුළ හටගත් දැඩි යුදමය වාතාවරණයත් සමඟ, විදෙස් ඔත්තු බැලීම් සහ එල්ල විය හැකි ප්‍රබල සයිබර් ප්‍රහාර මඟින් රාජ්‍ය රහස් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඉරාන බලධාරීන් විසින් පසුගිය පෙබරවාරි මස 28 වැනිදා මෙම දැඩි තීරණය ගනු ලැබීය.

ඒ අනුව රට පුරා අන්තර්ජාල ප්‍රවේශයන් සම්පූර්ණයෙන්ම කපා හැරීමට ඔවුන් පියවර ගත්තේය.

ගෝලීය සන්නිවේදන ඉතිහාසය දෙස බැලීමේදී, රටක් විසින් සිය ආරක්ෂාව වෙනුවෙන් සමස්ත ජාතික අන්තර්ජාල පද්ධතියම මෙලෙස දීර්ඝ කාලයක් වසා දැමූ ලොව පළමු සහ දීර්ඝතම අවස්ථාව මෙය ලෙස වාර්තා පොත් අතරට එක්වන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් විශ්ලේෂණය කර ඇත

අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි

අටමස්ථාන හිමියන් තාම අධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා නෑ, - කස්සප හිමි

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්