පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඝාතනය කෙරේ

By Sewvandhi Sep 22, 2023 12:44 PM GMT
Report

කුරුවිට කොක්ඕවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කර තිබේ.

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් නිවසක් තුළ සිරකර පහර දෙන බවට ලද පැමිණිල්ලක් මත කළ පරීක්ෂා කිරීමේදි තුවාල ලබා සිටි පුද්ගලයා නිවස අසල කෑළෑවක දමා ගොස් සිටියදී සොයාගත් බවයි, පොලිසිය පැවසුවේ.

අනතුරුව 32 හැවිරිදි කොක්ඕවිට ,පරකඩුව ප්‍රදේශයේ පදිචිකරුවෙක් වන ඔහු  රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. 

පුද්ගලික අමනාපයක් මත යකඩ පොල්ලකින් පහරදි ඝාතනය සිදුකර ඇති බවට අනාවරණ වී තිබේ. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.