විද්‍යා ඇමතිගේ ‘මහාචාර්ය’ කෑල්ල ගලවයි.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන ගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ "මහාචාර්ය" පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඊයේ (21) ඉවත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ, අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව එසේ ඉවත් කෙරුණු බවයි.
මේ සම්බන්ධයෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ, මහාචාර්ය තනතුරක් දැරුවද දැනට තමා විශ්ව විද්‍යාල සේවයේ නැති හෙයින් එම නාමය පාවිච්චි නොකරන බවයි.
එමෙන්ම පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවලද තමාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවිය සඳහන් නොවන බවත්, කිසිදු නිල ලියකියවිල්ලක තමා මහාචාර්ය පදවිය සඳහන් නොකරන බවත් ප්‍රකාශ කළා.
මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කර තිබියදී අමාත්‍යවරයාගේ දැනුම් දීමෙන් එම පදවි නාමය පසුගියදා ඉවත් කරනු ලැබුවා.
තමා එවැනි නාමයක් දැනුම්දී නොතිබියදී පාර්ලිමේන්තු වෙබ් අඩවියට ආචාර්ය පදවි නාමයක් ඇතුළත් කිරීමෙන් අපහාසයක් සිදුවූ බව පවසමින් හර්ෂණ නානායක්කාර කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මේ දිනවල විමර්ශනයක් කරමින් සිටිනවා.
පොලිස් නිලධාරීන් Online වංචාවට හසුවෙයි. - OTP දීලා ලක්ෂ ගානක් නැති කරගනී. - අධිකරණයේදී හෙළි වූ දේ මෙන්න.
You may like this video