“2020 අවුරුද්දෙ මගේ උපන් දිනය දවසෙදි ක්‍රිෂාන් ”අපි බඳිමුද?” කියලා මගෙන් ඇහුවා.” ශේෂාද්‍රි ප්‍රියසාද් (PHOTOS)

By Sithumi Oct 24, 2022 11:32 AM GMT
Sithumi

Sithumi

Report

2020 අවුරුද්දෙ මගේ උපන් දිනය දවසෙදි ක්‍රිෂාන් ”අපි බඳිමුද?” කියලා මගෙන් ඇහුවා.” ශේෂාද්‍රි ප්‍රියසාද් ශේෂාද්‍රි කියන්නෙ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉතාමත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය කලා පවුලක් වෙන ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ඇයයි. 

ඉතින් මේ වනවිට ජනප්‍රිය ගායකයෙක් වෙන ක්‍රිෂාන් පෙරේරා සමඟ විවාහ වෙලා ඉන්න ඇය පුංචි දියණියකගේ සෙනෙහෙබර මවක්. ඉතින් ඇය ඇයගේ ජිවිතයේ අමතක නොවන උපන්දින පාටියක් මේ විදිහට පැවසුවා.

”මම පාටිවලට එච්චර ආසා නැහැ කියලා ගෙදර අය දන්නවා. හැබැයි 2019 අවුරුද්දෙ මගේ උපන් දිනයට අක්කියි නංගියි එකතුවෙලා මම ළඟින්ම ආශ්‍රය කරන, නිතර දෙවේලේ මුණගැහෙන අයටත් කියලා උත්සවයක් සංවිධානය කරලා තිබුණා. එදා මම ක්‍රිෂාන් එක්ක එළියට ගිහිල්ලයි හිටියෙ. ඒ ගිය අතරේ තමයි අක්කියි නංගියි සාරංග අයියයි පාටිය සංවිධානය කරලා තිබුණෙ. ක්‍රිෂාන් එක්ක දවල් කෑම කද්දිත් එකදිගට ක්‍රිෂාන්ටත් දුරකථන ඇමතුම් ආවා. මම ඒක එච්චර ගණන් ගත්තෙ නැහැ.

කොහොම හරි මම ගෙදර ඇවිත් දොර අරිද්දි මගේ යාළුවෝ ඔක්කොම ගෙදර. ඒක සප්‍රයිස් වෙච්ච උපන්දින තෑග්ගක්. 2020 අවුරුද්දෙ මගේ උපන් දිනය දවසෙදි ක්‍රිෂාන් ”අපි බඳිමුද?” කියලා මගෙන් ඇහුවා. ඒකත් මට විශේෂ දවසක්.” ඒ වගේම ඇයගේ ආදරණිය සැමියා ක්‍රිෂාන් පියෙක් වන බව ඔහුට පැවසු ආකාරයත් මේ විදිහට පවසා තිබුනා. ”ඇත්තම කිව්වොත් ක්‍රිෂාන් සප්‍රයිස් කරන්න දන්නෙ නැහැ. එයා සප්‍රයිස් කරන්න හැදුවත් ඒක ඉක්මනට එයාට කියවෙනවා.

මම චිත්‍රපට බලන්න හරි ආසයි. මෑත කාලෙදි නම් කොවිඩ් නිසා, චූටි දූ නිසා අපිට එළියට ගිහින් චිත්‍රපටයක් බලන්න ලැබුණෙ නැහැ. හැබැයි ඊට කලින් ආපු හැම චිත්‍රපටයක්ම බලන්න ක්‍රිෂාන් මාව එක්කගෙන ගියා. සතියකට සැරයක්වත් අපි චිත්‍රපටයක් බලන්න ගියා. එයත් චිත්‍රපට බලන්න හරිම ආසා කෙනෙක්. ඒ නිසා එයත් එක්ක චිත්‍රපට බලපු ඒ මතකයට මම හරි ආසයි.එදා එයා ඇඬුවා

 – තාත්ති කීවා මම දැන් දෙසීයා කියලා. ඇඟට පොඩි පොඩි වෙනස්කම් ටිකක් දැනුණා. ඒ නිසා එච්චර නොහිතාම මම ”Home Test” එකක් කළා. එදා ක්‍රිෂාන් ගෙදර හිටියා. ප්‍රතිඵලය දැකපු වෙලාවෙ නම් මට හිතාගන්න බැරි වුණා. මම ටික වෙලාවක් කල්පනා කළා. මට හිතාගන්නවත් බැහැ. ටික වෙලාවකින් මම ක්‍රිෂාන් ළඟට ගිහින් මේ ආරංචිය එයාට කිව්වා. ක්‍රිෂාන්ගේ ජීවිතේ එයා අහපු හොඳම ආරංචිය ඒක කියලයි එයා කිව්වෙ. එයා ගොඩක් සතුටු වුණා.

එයා හරිම සංවේදී කෙනෙක්. ක්‍රිෂාන්ගේ ඇස්වල කඳුළු පිරුණා. අපි ක්‍රිෂාන්ගේ අම්මටයි තාත්තටයි කිව්වා. එයාලත් ගොඩක් සතුටු වුණා. එදා අපේ අම්මියි තාත්තියි හිටියේ අක්කලාගෙ ගෙදර. මම ඉක්මනට ඇමතුමක් අරගෙන අම්මිට කිව්වා. අම්මි ගොඩක් සතුටු වුණා. සාරණ්‍යාව ලැබුණට පස්සෙ තාත්තිට ”සීයා” කියලනෙ කිව්වෙ. මම මේ ආරංචිය කිව්ව ගමන් තාත්ති ”ආ.. මම දැන් දෙසීයා” කියලා ගොඩක් සතුටු වුණා. අක්කියි අයියයි නංගියි මේ ආරංචිය නිසා ගොඩක් සතුටු වුණා.මුලින් නම් මට පුතෙක්ද දුවෙක්ද කියලා විශේෂත්වයක් තිබුණෙ නැහැ. හැබැයි මම ගැබිණි කාලෙදි මම සාරණ්‍යා එක්ක වැඩිපුර කාලය ගත කළා. ඒ නිසා මටත් ලස්සන දුවෙක්ට ආසා හිතුණා. අපේ අක්කිත් සාරණ්‍යාව ලස්සනට අන්දවනවා.

ඒ නිසා ලස්සනට ඇඳුම් අන්දවන්න, ලස්සනට කොණ්ඩෙ හදන්න චූටි දුවෙක්ට මාත් ආසා කළා. හැබැයි ඒ දවස්වල මගේ කුස හරිම පුංචියි. ඒ නිසා මාව දැකපු ගොඩක් දෙනෙක් ”ඔයාට ලැබෙන්නෙ පුතෙක්” කියලයි කිව්වෙ. ඒ නිසා ”මට පුතෙක් වෙන්න ඇති” කියලා මමත් හිත හදාගත්තා. මාස පහේදි අපි වෛද්‍යවරයා මුණගැහෙන්න යද්දි ඩොක්ටර්ට අපේ අක්කි ”ඩොක්ටර්.. ස්කෑන් කළාට රිසාල්ට් එක නංගිලාට කියන්න එපා” කියලයි කිව්වෙ. ඒ නිසා ඩොක්ටර් පොඩි ලියුමක් ලියලා ඒක අක්කිට දුන්නා. දවස් දෙක තුනකට පස්සෙ ගෙදර හැමෝම එකතු කරලා අක්කි ”ලැබෙන්නෙ කවුද?” කියලා හිතලා කියන්න කිව්වා. මම ඇතුළු හැමෝම ”පුතෙක්” කියලයි කිව්වෙ.

හැබැයි ක්‍රිෂාන් විතරක් ”දුවෙක්” කියලා කිව්වා. අක්කා චුන්ගිගේ (සාරණ්‍යාට ආදරේට කියන්නෙ ඒ නමයි) අතේ තියෙන ලියුම ගන්න කියලා මටයි ක්‍රිෂාන්ටයි කිව්වා. ඒ වෙලාවෙ සාරණ්‍යා අතේ මිට මොලවාගෙන හිටපු ලියුමේ ”නංගි බබා” කියලයි ලියලා තිබුණෙ.”

GalleryGalleryGalleryGalleryGallery