ඉරානයේ විරෝධතා දරුණු වෙයි - පුද්ගල මරණ 7ක්
By Kanchana
ඉරානයේ ඉහළ යන ජීවන වියදමට එරෙහිව පැවැත්වෙන විරෝධතා මේ වනවිට නරක අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.
එම විරෝධතාවල පස්වන දිනය ගතවද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තා පෙන්වා දෙනු ලබයි .
තවද නිරිතදිග ඉරානයේ ලෝර්ඩෙගන් නගරයේ දී විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුම්වලින් දෙදෙනෙකු මියගොස් තිබේ.
එමෙන්ම බටහිර ඉරානයේ අස්නා හිදී තවත් පුද්ගලයින් තිදෙනෙකු සහ කෞඩාෂ්ට් හි තවත් අයෙකු මියගොස් ඇත.
එම විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ රටේ උත්තරීතර නායකයාගේ පාලනය අවසන් කරන ලෙසයි.
ඒ වගේම පිරිස් රාජාණ්ඩුව නැවත ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව සඳහන් වේ.