වාහන ආනයනය පිළිබඳව විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි, ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසය දක්වා කාලයේදී මෙරට වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 281ක් වැය කර ඇති බව අනාවරණය වේ.
මේ අතර, පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදාගන්නා වාහන ඇතුළු සියළු වාහන ආනයනය සඳහා නොවැම්බර් මාසයෙන් අවසන් වූ අවුරුදු 11 ක කාලය තුළ වැයකර තිබෙන මුළු වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,746ක් බවද එහි සඳහන් වේ.
ඉකුත් නොවැම්බර් මාසය වන විට, චීන මහජන බැංකුව සමඟ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ඇතුළුව දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6ක් වූ බව ද වාර්තා වේ.
තවද, ඉකුත් වසරේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.6කින් අවප්‍රමාණය වී තිබේ.