රටේම ආන්දෝලනයට තුඩදුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුව පිළිබඳ CID විමර්ශන ඇරඹෙයි

Report

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයකට, නුසුදුසු වෙබ් අඩවියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර ඇත.

අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අමාත්‍යංශයට පැමිණ එම පරික්ෂණ ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා සදහන් කර තිබේ.

ඒ අනුව 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයේ ඇති නුසුදුසු වෙබ් අඩවිය පැවති කොටස ඉවත් කර, සිසුන් වෙත බෙදා හැරිමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කර ඇත.

ආන්දෝලනයට තුඩු දුන් මොඩියුල‍යේ සමරිසි වෙබ් අඩවිය නිසා පාර්ශව 3ක් CIDයයි

ආන්දෝලනයට තුඩු දුන් මොඩියුල‍යේ සමරිසි වෙබ් අඩවිය නිසා පාර්ශව 3ක් CIDයයි

තවද ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ මහත්මිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට සහය දැක්වීම සඳහා තාවකාලිකව සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරන්නේ 2026 වසරට අදාළව පාසල් පෙළ පොත් බෙදා හැරීම ආරම්භ කර තිබෙන බවයි.

තවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ කලාප මට්ටමින් මේ වන විට බෙදා හැරිම් ආරම්භ කර ඇති බවයි.

  ඒ අනුව සියලුම පෙළපොත් පරික්ෂා කිරීමෙන් අනතුරුව බෙදා හැරීමට නියමිතව ඇත.

කටුනායක ගුවන්තොටුපළෙන් නරක ආරංචියක්

කටුනායක ගුවන්තොටුපළෙන් නරක ආරංචියක්