පුරාණ පල්ලියක් විශාල ගින්නකින් විනාස වෙයි
නව වසර සැමරුම් අතරතුර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගර මධ්‍යයේ පිහිටි වසර 154ක් පැරණි Vondelkerk දේවස්ථානය ගින්නක් නිසා විනාශ වී ඇත.
1872 වසරේ ඉදිකරන ලද ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම දේවස්ථානයේ මධ්‍යම රාත්‍රියෙන් පසුව හටගත් ගින්නකින් මෙසේ විනාශ වී ඇති බව වාර්තා වේ.
මෙම ගින්න හේතුවෙන් එහි මීටර් 50 ක් (අඩි 164 ක්) පමණ උසැති කුළුණ සහ වහලය කඩා වැටුණු ආකාරය වීඩියෝ දර්ශනවල සඳහන්.
මේ අතර මෙම ගින්න පාලනය කිරීමට නෙදර්ලන්ත නාවික හමුදාව සතු මීටර් 60 ක් උසැති උස් තැන්වල වැඩකටයුතු සඳහා භාවිත කරන වේදිකාවක් යොදා ගත් අතර අවට නිවාස රැසක ජනතාව ඉවත් කිරීමට ද බලධාරීන් කටයුතු කළා.
කොරතොට වෙඩි වරුසාව ගැන විස්තර රැසක් එළියට - වෙඩි තියන කොටත් තුන්දෙනා ඉඳලා තියෙන්නේ අවුරුදු සමරන ගමන්
එමෙන්ම ගින්නට හේතුව මෙතෙක් ස්ථිරවම හෙළි වී නැතත්, නව වසර සඳහා දැල්වූ ගිනිකෙළි මීට හේතු වන්නට ඇති බව සැක කරයි.
අඳාළ ගොඩනැගිල්ල 1977 වසරේ සිට ආගමික කටයුතු සඳහා භාවිත කර නොමැති අතර එය උත්සව ශාලාවක් සේ පවත්වාගෙන ගොස් ඇත.
රයික්ස්මියුසියම් නිර්මාණය කළ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී පියරේ කයිපර්ස් මෙම ගොඩනැගිල්ලේ නිර්මාණකරු වේ.