අසැබි පිටුව ඉවත් කර ඉදිරියේදී පාසල්වලට පොත් බෙදනවා - සෝදුපත් බලපු අයටත් වැඩ වරදී
හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එසේම එම සිදුවීමට අදාළව පැමිණිලි ඉදිරිපත් කළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
මේ අතර දැනට විවිධ පාර්ශ්වයන් වෙත චෝදනා එල්ල වුවද, නිසි විමර්ශනයක් මඟින් කරුණු තහවුරු වන තෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවට අමාත්‍යවරයා අවධාරණය කළා.
විශේෂයෙන්ම, මෙම මොඩියුලයේ සෝදුපත් බැලූ කණ්ඩායම ඇතුළු අදාළ අංශ කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කරන බවට ආනන්ද විජයපාල මහතා සඳහන් කළා.
එමෙන්ම අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා සිය පැමිණිල්ල මඟින් පෙන්වා දී ඇත්තේ මෙම වැරදි වෙබ් අඩවි නාමය ඇතුළත් කිරීම පිටුපස කිසියම් බාහිර බලපෑමක් හෝ කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න පිළිබඳව අමාත්‍යාංශයට සාධාරණ සැකයක් පවතින බවයි.
මේ අතර අඳාළ මොඩියුලයේ ඇතුළත් වූ මතභේදාත්මක සහ නුසුදුසු කොටස් ඉවත් කර එම පොත් පාසල් වෙත බෙදා හැරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන්.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් මෙම පොත්වල අදාළ කොටස් ඉවත් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී බෙදා හැරීම් කටයුතු සිදු කරන බව පවසා ඇති බව වාර්තා වේ.
සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ..ඉල්ලා අස්වෙන්න ඕනෑ..හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා - අමිල
එසේම මෙම මොඩියුලයේ පොත් ලක්ෂ තුන හමාරක් මුද්‍රණය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 6 කට අධික මුදලක් වැය කර ඇති බවත් සඳහන්.
ඒ අනුව ලේකම්වරයා තහවුරු කළේ දැනට කොළඹ පිහිටි ගබඩාවල සුරක්ෂිතව ඇති මෙම පොත් කිසිවක් මෙතෙක් පාසල් වෙත මුදාහැර නොමැති බවයි.
කෙසේ වෙතත් නුසුදුසු කොටස් ඉවත් කිරීමෙන් පසු ඉතිරි කොටස බෙදාහරින අතර, ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කිරීමට නියමිත බව සඳහන්.