කොවිඩ් මරණ දෙගුණ කරන ජානයක් සොයාගැනේ..අති භයානක තත්ත්වයක්..
කොවිඩ් ආසාදනයෙන් පෙනහලු අක්‍රිය වී මරණයට පත්වීමේ අවදානම දෙගුණ කරන ජානයක් දකුණු ආසියාවේ ජීවත්වෙන පුද්ගලයින්ගෙන් සොයාගැනීමට බ්‍රිතානයේ ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා.
මෙම ජානය දකුණු ආසියානු පසුබිමක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 60 ක් තුළ පවතින බව අනාවරණ වී ඇති අතර දකුණු ආසියාතිකයන්ට කොවිඩ් අවදානම වැඩි වශයෙන් බලපෑමක් වන බව අනාවරණය වී ඇති බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
මෙම ජානය යුරෝපීය සම්භවය සහිත පුද්ගලයන්ගෙන් සියයට 15 ක් තුළ දක්නට ලැබෙන බවත්, අප්‍රිකානු සහ කැරිබියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට දෙකක් තුළ සහ නැගෙනහිර ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 1.8 ක් තුළ මෙම ජානය හඳුනාගෙන ඇති බව විද්‍යාඥයින් පවසනවා.
කොවිඩ් වසංගතයෙන් ඇතැම් ජන ප්‍රජාවන් වැඩි අවදානමකට ලක්වීම වටහාගත යුතු කරුණක් බවයි ඔක්ස්ෆඩ් සරසවියේ පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය ජේම්ස් ඩේවිස් පෙන්වා දෙන්නේ.
මෙම ජානය මගින් කොවිඩ් වෛරසය පෙනහලුවලට ආසාදනය වීම පහසු කරන්නේ එය වැළැක්වීමේ යාන්ත්‍රණය අක්‍රිය කිරීමෙන්.
එහෙත් එමඟින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් ඇති කරන්නේ නැහැ.
කෙසේ වුවත් එන්නත්කරණය තුළින් තවදුරටත් මෙම අවදානම වළක්වාගත හැකි බවයි ඔක්ස්ෆඩ් විද්‍යාඥයින් අවධාරණය කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
