සුපිරි නිවෙසක සාදයක්
කොල්ලුපිටිය සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මාලයේ පිහිනුම් තටාකය අසල සාදයක් පැවැත්වූ විදේශිකයන් ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගත්කො බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
පිරිස් අතර හය දෙනකු පිරිමි පුද්ගලයන් බවත් තිදෙනකු කාන්තාවන් බවත් පොලිසිය සඳහන් කරයි. මෙම පිරිසෙන් පුද්ගලයන් දෙදෙනකු හා කාන්තාවක් විදේශි ජාතිකයන් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සියලු පිරිස අද (10) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එමෙන්ම නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත පුද්ගලයින් 1,057 දෙනෙකු අත්ඩංගුවට ගෙන තිබේ.
ගත වූ පැය 24 තුළ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
කොළඹට ඇතුළුවන රථ වාහන පරීක්ෂා කිරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
සංචරණ සීමා කාලය තුළ ගමන් කිරීමට අවශ්‍ය පරිදි සැලකිය යුතු ප්රමාණයකගේ පොලීසිය විසින් හඳුන්වාදුන් ස්ටීකර් ඇලවිම සිදුකර ඇති බැවින් එම වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටවූ බව ඔහු සඳහන් කළේය.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |