ටෙලිග්‍රෑම් භාවිතා කරන්නන්ට අනතුරු ඇඟවීමක් - ඔබේ මුදල් නැතිවෙන්න කලින් දැනුවත් වෙන්න

Report

අන්තර්ජාලය හරහා සිදු කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2024 පෙබරවාරි 10 වන දින ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව සෙනසුරාදා උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පැවසීය.

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්

My Car My Petrol කියලා කිව්වට එහෙම මහ පාරේ යන්න බෑ - වාහන සඳහා නීති රැසක් ඇමති බිමල්ගෙන්

සැකකාරිය ටෙලිග්‍රෑම් (Telegram) සමූහයක් හරහා අන්තර්ජාල ව්‍යාපාරික ක්‍රමයක් ප්‍රවර්ධනය කරමින්, ඊට සහභාගී වීමෙන් මුදල් ඉපැයිය හැකි බව පවසා මුදල් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එලෙස එකතු කරගත් රුපියල් 542,877ක මුදලින් රුපියල් 66,999ක මුදලක් අවභාවිත කර ඇති බව විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන ඇත. මෙම වංචනික ක්‍රියාවලියට සහාය වීම සහ අනුබල දීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ.

නබිතුමාට අපහාස කළ වරදට මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් පෙරට - මුස්ලිම් මන්ත්‍රීවරුන්ව හා ජමීයතුල් උලමා සංගමය එක්කරගෙන සෞදි රජුට කතා කිරීමේ සූදානමක්

නබිතුමාට අපහාස කළ වරදට මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රිෂාඩ් බදියුදීන් පෙරට - මුස්ලිම් මන්ත්‍රීවරුන්ව හා ජමීයතුල් උලමා සංගමය එක්කරගෙන සෞදි රජුට කතා කිරීමේ සූදානමක්

පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මේ හේතුවෙන් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සැලකිලිමත්ව සිටින ලෙස උපදෙස් ලබා දී ඇත.

අද සිට මේ නීතිය රට පුරා ක්‍රියාත්මකයි - රියදුරන්ට හා මගීන්ට අනිවාර්යයි - නොකළොත් නීතිමය පියවර

අද සිට මේ නීතිය රට පුරා ක්‍රියාත්මකයි - රියදුරන්ට හා මගීන්ට අනිවාර්යයි - නොකළොත් නීතිමය පියවර