අරණායක දරුවන් දෙදෙනා ඝාතනය කර පියා සියදිවි හානි කරගත් සිදු වීමට හේතුව හෙළි වේ.
අම්බලමකදී පියකු තම සය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය ඝාතනය කර, ඔහු ද දිවි නසාගෙන සිටියදී සොයාගත් පුවතක් අරණායක පොල්අඹේගොඩ ගොඩිගමුව ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වුණා.
පොලිසිය සැක පළ කරන්නේ මෙම ඝාතන පෙරේදා (5) මධ්‍යම රාත්‍රියේ හෝ ඊයේ (6) අලුයම් කාලයේ සිදුවන්නට ඇති බවයි.
පාසල් දරුවකු, අම්බලමේ ඇති මළසිරුරු දැක ඒ බව වැඩිහිටියන්ට දැනුම්දීමෙන් පසු ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දී තිබුණා.
මිය ගිය දරුවන්ගේ සීයා (මවගේ පියා) වන 61 හැවිරිදි නිමල් විමලසූරිය මෙම සිදුවීම ගැන අදහස් දැක්වූයේ මෙලෙසින්,
“ මිය ගොස් සිටින්නේ මගේ බෑනා සහ දුවගේ දරුවන් දෙදෙනායි. දැනට මාස දෙකට කලින් දරුවන් පාසල් ගියේ අපේ අරණායක ගොඩිගමුවේ ගෙදර සිටයි. පසුව බෑනා දරුවන් පාසල්වලින් අස් කරගෙන දුවත් එක්කම ඔහුගේ අම්මාගේ මහ ගෙවල් ඇති ගිරිඋල්ලට එක්ක ගියා. එහේදි දෙන්නා ආරවුලක් ඇති කරගෙන. මාගේ දුව අපිට කතා කරලා බෑනා කඩුවක් අරන් මරන්න පන්නන බව කීවා. පස්සේ අපි ත්‍රීවිල් එකක් අරන් ගිහින් දුව එක්ක ආවා. ඒ ගැන 5 වැනිදා උදේ අරණායක පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ල විභාග කරන්න තිබුණේ අද (6) උදේ 10ටයි. 5 වැනිදා හවස බෑනා දරුවන් එක්ක බයිසිකලයෙන් ගොඩිගමුවේ අපේ ගෙදරට ආවා.
දරුවන් අපේ ගෙදරින් කෑම කාලා අයිස් ඉල්ලුවා. මම ෆ්‍රිජ් එකේ ඇති කන්න කීවාම ඒවාත් කාලා සතුටින් හිටියා. හවස බෑනා දරුවන් එක්ක යන්න ලෑස්ති වුණාම දැන් දරුවන් අරන් යන්න ඕනෑ නැහැ. හෙට නැවත එන්නත් තියෙනවනේ කියා මම කීවා. ඒත් දරුවන් පාසල් යවන්නත් ඕනෑ නිසා එක්ක යන්නම් කියලා ඔහු කීවා. එයාගේ ළමයිනේ මට බල කරන්නත් බෑනේ. ඒ අනුව ඔවුන් හවස 5ට විතර ගියා. රාත්‍රී 12.15 ට විතර බෑනා කොල් කර බයිසිකලය කැඩුණු නිසා එය දමා පයින් යන බව කීවා. එවේලේත් පයින් ගියාට කමක් නැහැ බොහෝම පරිස්සමින් ළමයි දෙන්නා එක්ක යන්න දරුවන්ට නිදිමතත් ඇති කියා කිව්වා. පසුව තමයි මේ සිද්ධිය වෙලා තිබුණේ. "
මෙහිදී මිය ගිය දරුවන්ගේ ලොකු අම්මා හඬා වැළපෙමින් කියා සිටියේ මෙවැන්නක්,
"ඔය දරුවෝ දෙන්නා මා හදාගන්නම් කීවා. මා දරුවෝ දෙන්නා ඉල්ලුවත් දුන්නේ නෑ. ඇයි දෙයියනේ මොන හිතකින්ද මේ දරුවන් දෙදෙනා මේ ආකාරයට මරා දැම්මේ. මේකා තිරිසනෙක් නංගිටත් දසවද දුන්නා."
මෙසේ ඝාතනය කර ඇත්තේ ත්‍රිත්මි කරුණාරච්චි ( 9 ) නමැති දියණියක සහ දෙනුවන් කරුණාරච්චි (6) නමැති දරුවන් දෙදෙනා සහ පසු සියදිවි හානිකරගෙන ඇත්තේ වසන්ත කරුණාරච්චි නමැති 33 හැවිරිදි ඔවුන්ගේ පියායි.
කෙසේ වෙතත් දරුවන් දෙදෙනාගේ සිරුරු භාර ගැනීමට දරුවන්ගේ මව කැමැත්ත පළ කළත්, සිය සැමියාගේ සිරුර භාර ගැනීම ඇය ප්‍රතික්‍ෂේප කර ඇති අතර, ඔහුගේ මළ සිරුර ඔහුගේ ඥාතීන් විසින් භාර ගෙන ති බවයි වාර්තා වන්නේ.    
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        