බොරැල්ලේ වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් කොටුවෙයි.
By Wayomi
පසුගියදා බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පුද්ගලයා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.
දිලිදු පවුල්වල පුද්ගලයින් රවටා ඔවුන්ට මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයින් හතරදෙනෙකු සහ කාන්තාවක් බොරැල්ල පොලිසියට පසුගියදා පැමිණිලි කර තිබුණා.
පොලිස් පරික්ෂණවල දී අනාවරණය වී ඇත්තේ, එම පුද්ගල අවයව ලබාදුන් අය හදුන්වාදෙමින් තැරැව්කරුවෙකු ලෙස අදාළ සැකකරු කටයුතු කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |