ලබන 29 කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වැසේ...(PHOTO)
By Parami Dissanayake
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරියවත්ත දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ බොක්කුවක ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් පැඟිරියවත්ත දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසීමට සිදු ව ඇත.
ඒ අනුව, 2024-09-29 දින උදෑසන 8.30සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.
මහජනතාව වෙත දැනුම් දී ඇත්තේ, මෙම දුම්රිය හරස් මාර්ගය වසා තැබෙන කාල සීමාව තුල විකල්ප මාර්ග කරන ලෙසයි.
