ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්...

Report

මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසා සිටිනවා.

ඒ අනුව, කොළඹ, කළුතර, ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවලින් රෝගින් වාර්තා වීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බව විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ සදහන් කළාය.

ඇය පවසා සිටියේ,

"ඉදිරියේදී මෙම ප්‍රමාණය අඩු කරගැනීමට අවශ්‍ය වැඩකටයුතු කරනවා. කොළඹ, කළුතර, ගම්පහ හැරුණු විට මේ සති කිහිපය තුළ මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර කියන දිස්ත්‍රික්කවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා."

මෙසේ ය.