පේරාදෙණිය ගම්පොළ සහ නාවලපිටියට සුළු ගංවතුර අවදානමක් - මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට
By Malith Madushan
මහවැලි ගඟේ ජල මට්ටම පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටිය යන ප්‍රදේශ ආශ්‍රිතව මේ වනවිට ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසුවේ, කොත්මලේ ජලාශය අද (03) පස්වරු 3.00ට වාන් දැමීමට නියමිතව ඇති බවයි. ඒ හේතුවෙන් මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.