අග්‍ර ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් - පහත්බිම් ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්
By Malith Madushan
පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කර ඇති බැවින් අග්‍ර ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කර ඇති අතර, එම ජලය අග්‍ර ඔය ඔස්සේ ඩයගම, ලිඳුල, ආගරපතන සහ තලවකැලේ ප්‍රදේශ හරහා ඉහළ කොත්මලේ ජලාශය වෙත ගලා යන බවයි.
මේ හේතුවෙන් අග්‍ර ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, ඔය දෙපස පහත්බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව විමසිලිමත්ව සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.