අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැතුව බින්දුවට බැස්ස දැවැන්තයා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය යනු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහිත පක්ෂයක් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඔහු කියා සිටියේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම නිසා මෙරට දැවැන්ත දේශපාලන පක්ෂයක් බින්දුවට කඩා වැටුණු ආකාරය පසුගිය කාලවල අප දැක ඇති බවයි.
අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට විද්‍යුත් තාක්ෂණය ඔස්සේ එක වෙමින් .
මේ අතර අනාගත දැක්මෙන් රට විවර කිරීමට නොහැකි බවත් ඉදිරි දිනවල රට විවෘත කරනු ලබන්නේ කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තියේ පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් තහවුරු කිරීමෙන් පසුව බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ලබන 21 වන දින රට විවර කරනවාද කියන කාරනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. ඒ සම්බන්ධයෙන් ලබන 19 හෝ 20 වන දින තීන්දු තීරණ ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
You may like this video