රටේ මන්ද පෝශනක් නෑ..? ප්‍රභලයකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
By Sithumi
යම් යම් පුද්ගලයන් ප්‍රකාශ කරන ආකාරයේ ඉහළ මන්දපෝෂණ තත්වයක් රටේ තවමත් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ආහාර උද්ධමනය හේතුවෙන් පවුලක ආහාර ගැනීමේ රටාවේ වෙනස්කම් ඇතිවී තිබෙන්නේ යැයි පිළිගන්නා බව සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි නරක ප්‍රතිඵල වර්තමානයේ නොව ඉදිරියට පැමිණිය හැකි බවද ප්‍රකාශ කළේය. ඉදිරියට එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද සඳහන් කළේය.
ආහාර වේලක වෙනස්කම් හේතුවෙන් රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය කඩාවැටී ඉහළ මන්දපෝෂණ තත්වයක් එකපාරටම මතුවේ යැයි විශ්වාස කළ නොහැකි බවත් සියයට 85 ක මන්දපෝෂණ තත්වයක් ගැන සමහරුන් කියන කතා අමූලික බොරු බවත් රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය
