කෙහෙළියගේ නඩුවේ ඇමුණුම් වියදම කෝටිය පනී - තවමත් රජයට පාඩු කරන කෙහෙළිය

Report

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකුට එරෙහිව පවතින නඩුව සම්බන්ධයෙන්, චෝදනා පත්‍රවල ඇමුණුම් මුද්‍රණය සඳහා රුපියල් කෝටි 1.3කට අධික මුදලක් වැය වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහතා කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම්දී තිබේ.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඒ අනුව විත්තිකරුවෙකුට ඇමුණුම් මුද්‍රණය සඳහා රු. 866,565ක් වැය වන අතර, පුද්ගලයන් 12ක් සඳහා මුළු වියදම රු. 13,098,780ක් වේ.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මෙම මුද්‍රණය සම්පූර්ණ වීමට දින 21ක් අවශ්‍ය වන බව රජයේ මුද්‍රණාලයාධිපති දැනුම් දී ඇත. අදාළ නඩුව 2025 සැප්තැම්බර් 16 වැනිදා නැවත කැඳවීමට නියමිතය. මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

මෙය සමාජයේ දැඩි අවධානයට ලක්වූ සහ ශ්‍රී ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදු කළ සිදුවීමක් ලෙස සැලකේ.