කෙහෙළියගේ හොර බෙහෙත් නඩුවට අද අධිකරණය මොකක්ද කියන්නේ?

Report

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකුට එරෙහි නඩුව, අධි චෝදනා පත්‍රයට අදාළ ඇමුණුම් තවදුරටත් නොලැබීම හේතුවෙන් සැප්තැම්බර් 16 දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කළා.

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? අරගලකරුවන් වරද පිළිගනී - ජොන්ස්ටන් වන්දි එපා කියයි

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? අරගලකරුවන් වරද පිළිගනී - ජොන්ස්ටන් වන්දි එපා කියයි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම පැවසූයේ, එක් විත්තිකරුවකු සඳහා ඇමුණුම් මුද්‍රණය සඳහා රු. 866,565ක් වැය වන අතර, සියලුදෙනා සඳහා මුද්‍රණය සඳහා දින 21ක් ගතවනු ඇති බවයි.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

පළමු විත්තිකරු සුදත් ජනක ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, වෛද්‍ය ජයනාත් බුත්පිටිය විදේශගතව තිබෙන බවත් ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇති බවද දැන්විය.

"ඔයාගේ ඉංග්‍රීසි ලස්සනයි. කොහෙන්ද ඉගෙනගත්තේ" ජනපතිට හොද කියූ ට්‍රම්ප්

"ඔයාගේ ඉංග්‍රීසි ලස්සනයි. කොහෙන්ද ඉගෙනගත්තේ" ජනපතිට හොද කියූ ට්‍රම්ප්

මෙම නඩුවේ චෝදනා 13ක් තිබෙයි. චෝදනා කරන ලද්දේ රුපියල් මිලියන 144කට අධික වංචාවක් සම්බන්ධයෙන් වේ.

සෙසු විත්තිකරුවන් අතර හිටපු සෞඛ්‍ය ලේකම්, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු සහ වත්මන් නිලධාරීන්, සහ ඖෂධ නියාමන අධිකාරියේ උසස් නිලධාරීන් සිටී.

සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්‍යාවක් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද නම් කර ඇත.