කටුනායකම සලිත කරමින් පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට

Report

කටුනායක දේවමොට්ටාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී සිටින සැකකරු මිනුවන්ගොඩ දෙවොලපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මූලික විමර්ශනවලට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කෙරෙන පුද්ගලයා තොරතුරක් මත යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය කැළඹූ 8 හැවිරිදි දරුවාගේ "කාර් ගිනි තැබීමේ" වීඩියෝවේ ඇතුළාන්තය පොලිසිය හෙළි කරයි

සමාජ මාධ්‍ය කැළඹූ 8 හැවිරිදි දරුවාගේ "කාර් ගිනි තැබීමේ" වීඩියෝවේ ඇතුළාන්තය පොලිසිය හෙළි කරයි

අත්අඩංගුවට ගැනීමෙන් පසු එක් නිලධාරියෙකු සැකකරු පොලිස් ස්ථානයට රැගෙන යාම සඳහා යතුරුපැදිය රැගෙන ඒමට පිටත්ව ගොස් ඇති අතර, එම අවස්ථාවේ සැකකරු එහි රැඳී සිටි අනෙක් පොලිස් නිලධාරියාගේ සේවා ගිනි අවිය උදුරාගෙන ඔහුට වෙඩි තබා ඇති බව පොලිසිය අනාවරණය කළේය.

අනතුරුව සැකකරු තවත් යතුරුපැදියකින් පලා ගොස් ඇති අතර, ක්ෂණිකව ආරම්භ කළ මෙහෙයුමකින් පසු ඔහු මිනුවන්ගොඩ දෙවොලපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා පොලිසිය විසින් අඛණ්ඩව සිදු කරගෙන යන බවද සඳහන් කර ඇත.