ආන්දෝලනාත්මක සටනින් FIFA හෙල්ලයි - ලොව පුරා රසිකයින් ඇස්පිය නොහෙලා බලා සිටියදී ආර්ජන්ටිනාව අවසන් මහා තරගයට
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවති තීරණාත්මක තරගය 2 - 1 ක් වශයෙන් ජය ගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණේ ලොව පුරා රසිකයන් බලා සිටියදීයි.
ඒ අනුව ඇට්ලන්ටාහි ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙම තරගයෙන් පරාජය වීමත් සමඟ එංගලන්ත කණ්ඩායම තරගයෙන් ඉවත් විය.
තරගයේ පළමු අර්ධයේ මිනිත්තු 45 තුළ දෙපිලේම ක්‍රීඩකයින් දැඩි තරගකාරීත්වයක නිරත වූ අතර කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකියාවක් නොලැබුණි.
එසේම තරගයේ 36 වැනි මිනිත්තුවේදී එංගලන්තයේ එලියට් ඇන්ඩර්සන් (Elliot Anderson) කහ කාඩ්පතක් (Yellow Card) ලැබූ අතර තරගයේ 41 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ ආරක්ෂක ක්‍රීඩක ලිසැන්ඩ්‍රෝ මාටිනස් (Lisandro Martínez) කහ කාඩ්පතක් ලැබීය.
FIFA හොල්ලමින් වසර 16 ට පසු ලබපු විශිෂ්ට ජයග්‍රහණයට රසිකයොත් හොල්මන් වෙයි - ප්‍රීති ඝෝෂා මැද ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
අනතුරුව පළමු අර්ධයේ නියමිත කාලය අවසානයේ විනිසුරුවරයා විසින් අතිරේක කාලය වශයෙන් මිනිත්තු 3ක් (45'+3') ලබා දෙන ලදි. ඒ අනුව තරගයේ 55 වැනි මිනිත්තුවේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් Anthony Gordon පළමු ගෝලය ලබා ගැනීමට සමත් විය.
එසේම ආර්ජන්ටිනාව වෙනුවෙන් Enzo Feández 85 වැනි මිනිත්තුවේ ගෝලයක් වාර්තා කිරීමත් සමඟ තරගය සම තත්ත්වයකට පත් විය. පසුව ආර්ජන්ටිනාවේ Lautaro Martinez 90 + 2' වාර්තා කළ ගෝලයත් සමඟ ආර්ජන්ටිනාව ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය.
මේ අතර ප්‍රංශය පරාජය කරමින් දැනටමත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ස්පාඤ්ඤ කණ්ඩායම සමඟ ජූලි 19 වැනි දින ආර්ජන්ටිනා කණ්ඩායම ශූරතාවය වෙනුවෙන් තරග වැදීමට නියමිතව ඇත.