ලෝකෙම බලන් ඉද්දි මේ අවස්ථාව ශ්‍රී ලංකාවට අනිමි වෙයි.. ICCයෙන් ලංකාවට රතු නිවේදනයක්

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඊයේ(15) දින පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වනතුරු අයි.සී.සී. සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමිවන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වශයෙන් කටයුතු කළ ශම්මි සිල්වා මහතා ඉකුත් මැයි මාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ක්‍රීඩා අමත්‍යවරයා විසින් ක්‍රිකට් පරිපාලනය සිදුකරගෙන යාම සඳහා පරිවර්තන කමිටුවක් පත්කිරීමට කටයුතු ක‍ර තිබුණා.

එහෙත් එම පරිවර්තන කමිටුව පත්කිරීමෙන් පසු ජුනි මාසයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සාමාජික රැස්වීම් නියෝජනය කිරීමට අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවිය.

FIFA හොල්ලමින් වසර 16 ට පසු ලබපු විශිෂ්ට ජයග්‍රහණයට රසික‍යොත් හොල්මන් වෙයි - ප්‍රීති ඝෝෂා මැද ස්පාඤ්ඤය අවසන් මහා තරගයට

FIFA හොල්ලමින් වසර 16 ට පසු ලබපු විශිෂ්ට ජයග්‍රහණයට රසික‍යොත් හොල්මන් වෙයි - ප්‍රීති ඝෝෂා මැද ස්පාඤ්ඤය අවසන් මහා තරගයට

ඒ අනුව ජුලි මාසයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජික රැස්වීමේදී ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එම රැස්වීමේදී සාකච්ඡා කෙරුණු කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, සංශෝධිත ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුටු වන බවයි.

එසේ වුවත් නිලවරණය පවත්වනතුරු අයි.සී.සී. සාමාජික රැස්වීම් නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තාවකාලිකව අහිමිවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

ඉදිරියේදී සුළං සහ වැසි ඇතිවිය හැකි දිස්ත්‍රික් සහ පළාත් මෙන්න

ඉදිරියේදී සුළං සහ වැසි ඇතිවිය හැකි දිස්ත්‍රික් සහ පළාත් මෙන්න