සියලුම පාසල් සිසුන්ට විශේෂ මාර්ගෝපදේශයක් රජයෙන් නිකුත් කරයි - සියලු පාසල්වල ක්‍රියාත්මකයි

Report

දරුවන්ගේ හා තරුණ පරපුරේ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් සකස් කරන ලද "ජාතික ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ" නිල වශයෙන් එළිදැක්වීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙරට ජනතාවට ලිංගිකත්වය පිළිබඳව නිවැරදි, විද්‍යාත්මක සහ වයසට ගැළපෙන අධ්‍යාපනික දැනුම ලබාදීමේදී අනුගමනය කළ යුතු ප්‍රමිතීන් මෙම මාර්ගෝපදේශවලට ඇතුළත් වේ.

මුළු දිවයිනටම දරුණු අවදානමක් - දිස්ත්‍රික්ක 5ක්ම මේ වන විට අනතුරේ ලංකාව වටේම සිද්ධවෙන්න යන දේ මෙන්න

මුළු දිවයිනටම දරුණු අවදානමක් - දිස්ත්‍රික්ක 5ක්ම මේ වන විට අනතුරේ ලංකාව වටේම සිද්ධවෙන්න යන දේ මෙන්න

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ද සහභාගී වූ මෙම උත්සවයේදී, වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය පිළිබඳ ජාතික සන්නිවේදන මාර්ගෝපදේශය, ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ ජාතික අධ්‍යාපන වාර්තාව සහ 6 සහ 7 ශ්‍රේණිවල ගුරුවරුන් සඳහා සකස් කළ ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත එළිදැක්වීමට ද පියවර ගැනිණි.

මීට අමතරව, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රය සෞඛ්‍ය ප්‍රවර්ධන පරිසරයක් ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි.

ජනපතිගෙන් විශේෂ නියෝගයක් - ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත්වල ලොකු වෙනසක් කරන්න සියල්ල සූදානම්

ජනපතිගෙන් විශේෂ නියෝගයක් - ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත්වල ලොකු වෙනසක් කරන්න සියල්ල සූදානම්

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ අනාගත පරපුර ආරක්ෂා කිරීමේ අරමුණින්, දරුවන්ට වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී මෙතෙක් පැවති බාධා ඉවත් කරමින් විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ප්‍රකාශන තුනක් රජය විසින් එළිදක්වා ඇති බවයි.

තවද, මෙම වැදගත් ජාතික වැඩසටහනට බාධා කරන පාර්ශ්වයන් එච්.අයි.වී. (HIV) ඇතුළු ලිංගාශ්‍රිත ආසාදන, අඩු වයස් ගැබ් ගැනීම් සහ ළමා අපයෝජන වැනි සමාජයීය ගැටලුවල වගකීම ද භාරගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී දැඩිව අවධාරණය කළේය.