කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා අභිරහස් ලෙස අතුරුදන්. (PHOTOS)
රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහතා අභිරහස් ලෙස අතුරුදන් ඇති බව වාර්තා වෙනවා.
ඔහුගේ දියණියන් දෙදෙනකු සහ මුනුපුරකු විසින් මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් පෙරේදා (23) කතරගම පොලිසියට පැමිණිල්ලක් ඉරිපත් කර ඇති අතර තම පියාගේ අතුරුදන්වීමට අඹුසැමි යුවළක් සම්බන්ධ බවට එම පැමිණිලිවල සඳහන් කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
අදාල අඹුසැමි යුවළ පවුලේ සමීපතමයන් බවද, තම පියා එම දෙදෙනාගේ නිවෙසට ඉකුත් 8 වැනිදා ගිය පසු මෙසේ අතුරුදන්ව සිටින බව ද පැමිණිල්ලේ සඳහන්.
එමෙන්ම පැමිණිල්ල සිදු කළ දරුවන් විසින් මෙම අඹුසැමි යුවළගෙන් තම පියා ගැන විමසුවත් ඔවුන් දෙදෙනා ඊට පැහැදිලි පිළිතුරක් දීමට අපොහොසත් වූ බවද පවසා ඇත.
පාතාල ලෝකයේ නායකයකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් ඔවුන්ගේ දරුවකුට ඇති වී ඇතැයි කියන අපලයක් දුරුකිරීම සඳහා රුහුණු කතරගම දේවාලයට පූජා කළ පවුම් තිස් අටක් පමණ බර රන් තැටියක් නැතිවීම සම්බන්ධයෙන් රත්නායක මහතාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, රන් තැටිය නැතිවීම සම්බන්ධයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න මහතා විසින් රත්නායක මහතාට එරෙහිව 2021 වසරේදී එවක සිටි පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුවයි.
