කොස්ගම වෙඩිතැබීම - CCTV දර්ශන යොදාගනිමින් විමර්ශන ඇරඹේ

Report

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන යොදාගනිමින් විමර්ශන ආරම්භ කර ඇති බව කොස්ගම පොලීසිය පවසයි.

අදාළ සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

පාසල් 121කින් හමුවුණ දේ - කොහොමද ළමයින්ව පාසල් යවන්නේ?

පාසල් 121කින් හමුවුණ දේ - කොහොමද ළමයින්ව පාසල් යවන්නේ?

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු, කුලී ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කළ එම තිදෙනාට පිස්තෝලයකින් වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් අතර ත්‍රීරෝද රථයේ ගමන් කළ මවක්, ඇගේ දියණියක් සහ තවත් පිරිමි පුද්ගලයෙක් වන අතර, ඔවුන් වයස අවුරුදු 12, 30 සහ 44 යන වයස්වල පසුවන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

වෙඩිතැබීම සඳහා පිස්තෝල ආයුධයක් භාවිතා කර ඇති බවට පොලීසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

චාමර සම්පත් ඇ.ඩො. මිලියන 300කට වැඩේ දීලා

චාමර සම්පත් ඇ.ඩො. මිලියන 300කට වැඩේ දීලා