ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස මැතිව් ඩක්වර්ත් පත්වෙයි
ශ්‍රී ලංකාවේ මීළඟ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස මැතිව් ඩක්වර්ත් මහතා පත් කර ඇති බව ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
මැතිව් ඩක්වර්ත් මහතා ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය නිලධාරියෙකු වන අතර, මෑතකදී එක්සත් ජනපද වෙළඳ කාර්ය සාධක බළකායේ සහකාර ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත.
එමෙන්ම, ඔහු ඔස්ට්‍රේලියා-යුරෝපා සංගම් නිදහස් වෙළෙඳ ගිවිසුමේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස ද සේවය කර ඇති බව සඳහන් වේ.
ඩක්වර්ත් මහතා මීට පෙර ඉන්දුනීසියාවේ සහ කාම්බෝජයේ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලවල විදේශ සේවයේ නිරතව ඇත.
2022 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස පෝල් ස්ටීවන්ස් මහතා කටයුතු කළේය.