රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

Report

අන්තර්ජාතික මිලදී ගැනීම් සඳහා ශ්‍රී ලාංකිකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වූ AliExpress වෙළඳපොල, මෙරටට භාණ්ඩ නැව්ගත කිරීම සඳහා භාවිතා කළ අඩු මිල ගණනින් භාණ්ඩ නැව්ගත කිරීමේ ක්‍රම 2025 ජූලි 7 සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නිසි නීතිමය රාමුවකින් තොරව හදිසියෙන් HS කේතය මත පදනම් වූ බදු ක්‍රමයකට මාරු වීම හේතුවෙන් අන්තර්ජාලයේදී භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට අධික බදු ගෙවීමට සිදුවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඔහු X (හිටපු ට්විටර්) හි සඳහන් කළේ රුපියල් 500ක භාණ්ඩයක් සඳහා රු. 37,000ක බදු අය කළ බවයි.

2025 ජූනි 3 දින COPF විමර්ශනයකදී රේගුව අවිධිමත් බර මත පදනම් වූ බදු ක්‍රමයක් භාවිතා කර ඇති බව හෙළිවිය. මෙම ක්‍රමය Temu වැනි වෙබ් අඩවිවලට බදු රහිතව භාණ්ඩ ගෙන්වීමට ඉඩ දී ඇති අතර, ඒ හරහා දේශීය SME ව්‍යාපාරවලට අසාධාරණ තරඟයක් ඇතිවී ඇත.

නව ක්‍රමය HS කේත මත පදනම්ව ක්‍රියාත්මක කළද, එය නීතිමය රාමුවකින් තොරව සිදු වී තිබේ.

පාසල් 121කින් හමුවුණ දේ - කොහොමද ළමයින්ව පාසල් යවන්නේ?

පාසල් 121කින් හමුවුණ දේ - කොහොමද ළමයින්ව පාසල් යවන්නේ?

අදාළ අකාර්යක්ෂම ක්‍රියාවලිය පාරිභෝගිකයින්, ව්‍යාපාරිකයින් සහ ආර්ථිකයමට අවාසියක් බව ද ඔහු සදහන් කළේය. ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ, යුරෝපා සංගමය සහ වියට්නාමය වැනි රටවල ක්‍රියාත්මක වන විධිමත් VAT ක්‍රමයක්, HS කේත මත පදනම්ව ක්‍රියාත්මක කිරීමෙන් පාරිභෝගිකයින්ට සහ SMEs වෙත සාධාරණ මිලක් සහ ආරක්ෂාව ලබා දිය හැකි බවයි.

චාමර සම්පත් ඇ.ඩො. මිලියන 300කට වැඩේ දීලා

චාමර සම්පත් ඇ.ඩො. මිලියන 300කට වැඩේ දීලා

"මා සටන් කරනේ බදු රහිත මාර්ගගත සාප්පු සවාරියක්, දේශීය ව්‍යාපාර වල වර්ධනයක් සහ ශක්තිමත් ශ්‍රී ලංකාවක් සඳහා ය" යැයි ඔහු අවධාරණය කළේය.