විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ගැන ජනපතිට ලිපියක් මෙන්න විස්තරේ
හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් එහි අනුශාසකවරයා ලෙස ඒ මහතා අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
ලිපිය මගින් ජනපතිට පවසා ඇත්තේ ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සඳහා පියවර ගැනීමට රජය අදහස් කරන බැවින් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව අවධානය යොමු කර සුදුසු පියවරක් ගන්නා ලෙසය.
අදාළ ලිපිය පහතින්,