පරණ කොට් ජයට වික්ක කාපිරි මුදුක්කුව

By Parami Dissanayake Jul 02, 2024 02:16 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 අවුවට ගිහින් ලිපේ තියන අගුරු කැල්ලක් වගේ කලුවෙලා ගෙදර් එනකොට. ඉස්ස‍ර කලේ අච්චිඅම්මලාගේ අම්මම්ලාගේ කටේ නිතරම් තිබුන වචනයක් තමයි කබෙරියෙක වගේ කළු වෙලා. යන්න යන්න මූන සෝදාගන්න කියලා. ඒ කාලේ ඔයට හිතුනේ නැද්ද ඔයා කබෙරි කියන කෙනා ඇත්තටම් කලුයිද කියලා. ඖ එයා ඇත්තටම කළු කෙනෙක්. හැබයි එයාව හැදින්නුවේ කබෙරි කියලා නම් නෙවෙයි. ඒ කාපිරි ජනතාව. ඉතින් අද අපි කත කරන්නේ පරණ කොට ජයට් විකුණන කාපිරි මුදුක්කුවේ ගැනයි.

මිට අවුරුදු ගානකට කලින් පිටකොටුවේ කෝසල මාවතේ තියෙන රෝහිණී පටුමග කියන්නේ “කාපිටි තැන්න" හෙවත් කාපිරි මුඩුක්කුව කියලයි. එකට් හේතුව උනේ මේ මුඩුක්කු කාපිරි ජනතාවට අයිතිවෙලා තිබුන නිසයි. කාපිරි" විදියට හැඳින්වූවත්, මානව විද්‍යාඥයින් මෙයාලව නම් කරන්නේ “කෝකසොයිඩ්”, “නීග්‍රෝ”, සහ “නිග්‍රොයිඩ්” විදියට. අප්‍රිකාවේ සහරා කාන්තාරේ උතුරු පැත්තෙන් ජීවත්වෙන පිරිස කෝකසොයිඩ් විදියටත්, දකුණු පැත්තේ වසන අය නීග්‍රෝ, නිග්‍රොයිඩ් විදියටත් බෙදා දක්වන්න පුළුවන්.

පෘතුග්‍රීසි ලංකාව පාලනය කරන කලේ ලංකාවේ වහල් සේවයට යොදවන්න 1630 දී, මොසැම්බික්, මැඩගස්කර් වගේ රටවල් වලින් එකතු කරගත්ත කාපිරි කාණ්ඩයක් රැගත් නැවක් ලංකාවට ළඟාවුණා.එකල පෘතුග්‍රීසි බල ඇණිවලත් කාපිරි ජනතාව ඉඳලා තියෙනවා. 1651 අවුරුද්ද වෙද්දී ලංකාවේ 300ක විතර කාපිරි ජනතාවක් හිටියලු. රොබට් නොක්ස්ගේ වාර්තාවල සඳහන් වෙන විදියට, තමන්ගේ ශ්‍රී විභූතිය පෙන්වන අරමුණින් කාපිරි යුධ සේනාංකයක් පාවිච්චි කරන්න දෙවන රාජසිංහ රජතුමා කටයුතු කරලා තියෙනවා.

“ඩේව් දුටු ලංකාව” පොතට අනූව ගැටඹේ දී තමන් දිහාට තුවක්කුව එල්ල කරපු කාපිරියාට වෙඩි තියන්නත් රාජසිංහ රජතුමා පෙළඹිලා තියෙනවා. හැබයි 1796දී ලංකාව ලන්දේසි ග්‍රහණයට පත්වුණාට පස්සේ ඉතුරු වෙලා ඉඳපු කාපිරි කණ්ඩායම ඔවුන් කරගෙන ඉඳපු කාර්යන්වල ම නිරත වුණා. ඒ විතරක් නෙවෙයි, ලන්දේසි අනුමැතිය යටතේ සිරකරුවන් බලාගන්න, තැපැල් මලු අරගෙන යන්න, රාජ්‍ය සේවයේ නියුතු සුද්දන්ට පවන්ගසන්න, පාරවල් කපන්න, මුර සේවා සහ සනීපාරක්ෂක සේවා වගේ කටයුතුවලත් නිරත වෙන්නත් ඔවුන් ව යොදා ගැනුණා.

මේ කාලේදී තමයි කොළඹ කොටුව හැදෙන්න පටන්ගත්තේ. ඒකෙ වැඩ කරපු කාපිරි ඈයෝ ජීවත්වුණේ “කාපිටි තැන්න" හෙවත් කාපිරි මුඩුක්කුවේයි.ඉංග්‍රීසි ජාතිකයන් ආවට පස්සෙත් කාපිරින්ගේ වැඩවල වැඩි වෙනසක් වුණේ නැහැ. ඒ කාලෙදී වර්තමාන කොම්පඤ්ඤවීදිය නමින් හැඳින්වෙන ප්‍රදේශය ප්‍රසිද්ධ වෙලා තිබුණේ “වහල් දූපත” නමින්. මේක කාපිරි ජනතාව රැඳවුණු තැනක්. කොම්පඤ්ඤවීදිය ඉංග්‍රීසි වහරට එන්නේ “ස්ලෙව් අයිලන්ඩ්” කියලනේ. මේ නම ලැබිලා තියෙන්නෙත් ඒ කාලේ කොම්පඤ්ඤවීදිය “වහල් දූපත” විදියට හැඳින්වුණු නිසාලු. හැබැයි 1816 අවුරුද්දේදී ඔවුන් ව වහල්කමෙන් මුදාහැරුණා. ඒ මොහොතේ කාණ්ඩයක් තමන්ගේ රටට ගිය අතරේ, ඉතිරි අය ලංකාවේ ජනාවාස හදාගත්තා.

කාපිරි මුඩුක්‌කුව, කොම්පඤ්ඤවීදිය, කාපිරිකඩවල, කඩිසිගමුව, කඩිගමුව වගේ නගර හැදුණේ කාපිරි පදිංචිය නිසාලු. 1940 වගේ වෙද්දී දෙවැනි ලෝක යුද්ධයේ රස්නේ ලංකාවටත් දැනෙන්න ගත්තා. ඔය කාලෙදී ආයෙත් කාපිරි කට්ටිය ලංකාවට ගෙන්නන්න ඉංග්‍රීසින් කටයුතු කළා. ඒකාලේ මයිනා කෑම්ප්වල ඉන්න මිනී කන කාපිරි ගැන අපේ වැඩිහිටියෝ කියන්න ගත්තේ මීට පස්සෙයි. මයිනා කෑම්ප් කියන්නේ කැළණියේ කටුවා කැලේ හරියේ යුධ අභ්‍යාස කෑම්ප් එකක්. මේ කෑම්ප් එකේ ඉඳපු කාපිරි නිසා. මේ කාපිරින්ගේ කටට ඉබ්බෝ දාලයි තිබුණේ.

ඒකට හේතුව උන් මිනී මස් කන්න පුරුදු වෙලා ඉඳීම. මේ ගැන ජිනදාස ජයවර්ධන මහත්මයා ලියපු “මා දුටු සුන්දර ගම තෙලඟපාත" කියන පොතේ හරි අප්රුවට් සදහන් වෙන්ව. අද ඔබ දන්නා කැළණි සරසවිය පිහිටලා තියෙන්නේ මේ කියන මයිනා කෑම්ප් එක තිබුණු බිමේ. ’එදා බොහෝ දෙනා ‘කාපිරි මුඩුක්කුව කිඋව මේ බිම. එකට එක ගෑවුණු එකට එක එතුනු ගෙවල් මණ්ඩිය. ගොඩක් දෙනා කළේ මුට්ට කර ගහන එකය. පෙලක් අය රස්සාවට කළේ කුණු ඇදිල්ලය.

වතුර පොදක් බොන්නට ගමේ මෙන් ළිං නැත. වත්තටම පිහිට වූයේ එකම එක වතුර පයිප්පයය. එක් අයකුට නාන්න පයිප්පයෙන් දුන්නේ වතුර බාල්දි දෙකකි. නම කාපිරි මුඩුක්කුව වුවත් වර්ග වාද, ජාති ආගම් වාද මෙන්ම කාපිරි ද නැත. උන් ගරු කළේ හිතේ හයියට නොව අැඟ පත හයිහත්තිය ඇති සිරුර හැඩි දැඩි එකාටය. සිරුර හැඩි දැඩි චණ්ඩින්ට මේ වත්තේ නාන පෝලිම්, වැසිකිළි පෝලිම් නැත. රටේ පොත් පිරෙන්න නීති තිබ්බත් කාපිරි මුඩුක්කුවට ඒ නීති තිබී නැත. ඒ කාපිරි මුඩුක්කුවේ හැටිය.

සුද්දන්ගෙ කාලෙ ඉඳල ම පැවති වෙළෙඳාමක් තමයි පරණ ඇඳුම් අලෙවිය. අදත් ඒ ව්‍යාපාරය ජයටම සිදුවෙනවා. කුඩා ඉඩක් සහිත කඩකාමරවල ගොඩ ගහලා තියෙන්නේ පරණ ඇඳුම් කමිස, කලිසම්, ටී ෂර්ට්, ෂෝර්ට් ආදියයි. පරණ ඇඳුම් එකතු කරන පුද්ගලයන් ළඟට ඒවි ගේන්නේ පරණ කෝට්කාරයින්. ඔවුන් ගෙවල් ගානේ ගිහින් එකතු කරගෙන එන ඇඳුම් කෝසල පටුමගට රැගෙනවිත් අලෙවි කරනවා. ඒවා මුලින් ම වර්ග කර සෝදා මැද ගන්නවා.

ඉන්පසු පරණ ඇඳුම්වලට හොඳ පෙනුමක් එනවා. නවිකරණය කළ පරණ ඇඳුම් තොගයට අලෙවි කරන එක කෝසල පටුමගේ ව්‍යාපාරිකයන්ගේ කටයුත්ත යි. අතීතයේ පටන් ම පැවති පරණ කෝට් වෙළෙඳාම පරම්පරාවෙන් පරම්පරාවට යන වෘත්තියක් වෙලා. පරණ ඇඳුම් අලෙවි කරන වෙළෙන්දන් කිහිප දෙනෙක් ම පටුමගේ වාසය කරනවා. මේ ඇඳුම් බහුලව අලෙවි වන්නේ හැටන්, මස්කෙළිය, නුවරඑළිය වගේ සීතල පැතිවලට යි. ඉතින් මුදුක්කුව ඒ විදිහටම තිබුනට කාපිරි කාණ්ඩය වැඩිමනක් ම වාසය කළේ ත්‍රිකුණාමලය, මඩකලපුව, මුර්දු පල්ලිය, රාජගිරිය, ආඬිමුණේ කලාඔය, මිහින්තලේ, රිටිගල අවට, මහියංගනය, බෙලිඅත්ත, පුත්තලමේ සිරම්බිඅඩිය වගේ පැතිවල.

අදටත් පුතලම් සිරම්බිඅඩිය වල මේ අය ජීවත්වෙනවා. අප්‍රිකානු සම්බ්භයක් සහිත ශ්‍රී ලාංකිකයින් හෙවත් කැෆර්වරු විදිහට මෙයාලව හැඳින්වෙන්නේ. මෙයාලව බැලූ බැල්මට නම් පේන්නේ ලංකාවේ අය වගේ. ඒත් තොල්, හිසකේවලින් ඔවුන්ගේ අනන්‍යතාවය තාමත් ලාවට දකින්න පුළුවන්. අලුත ඉපදෙන පොඩ්ඩන්ගේ නම් මේ වෙනස්කම් ඇත්තෙම නැති තරම්.