යන්නතම් බේරුණා - සුනාමි අනතුරු ඇගවීම් ඉවතට - මෙන්න විස්තරේ
හවායි දූපත්හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ භූමිකම්පාව සිදුවී පැය දෙකකට පමණ පසු, ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බවයි.
මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, "ලබා ගත හැකි සියලුම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම භූමිකම්පාවෙන් එල්ල විය හැකිව තිබූ සුනාමි තර්ජනය මේ වන විට පහව ගොස් ඇති බව තහවුරු කළ හැකියි." බවය.
කෙසේ වෙතත්, මුහුදු රළ මට්ටමේ සුළු වෙනස්වීම් සිදුවිය හැකි බැවින් වෙරළාසන්න වැසියන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි. අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇති විය.
එම භූකම්පනයෙන් උතුරු සුලවේසි දූපතේ සිදුවූ ගොඩනැගිලි කඩා වැටීමක සුන්බුන්වලට යටවීමෙන් 70 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මුදාගැනීමේ කණ්ඩායම් තහවුරු කර තිබේ.
මෙම භූකම්පනය හේතුවෙන් එහි කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) විසින් සිදුකර තිබුණු අතර හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ , ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවය.