චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ වරෙන්තු නිකුත් කෙරේ
අද (02) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ සහ කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කර ඇත.