කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

Report

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැලලාගෙන මියයෑම කල්තියාම සැලසුම් කරගෙන සිට ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරන බව වාර්තා වේ.

විමර්ශන නිලධාරීන්ගේ මෙම සැකයට හේතුවී ඇත්තේ කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැලලා ගැනීමට යොදාගත් පටිය බාන්ස් පෙදෙසේ පිහිටි සිය නිවසේ සිට කොල්ලුපිටියේ නිවස වෙත සේවකයකු ලවා පසුගිය 7 වැනි දින දහවල් ගෙන්වාගෙන ඇති බව අනාවරණය වීමත් සමඟයි.

අඳාළ සේවකයාගෙන් ද පොලිසිය මේ වනවිට ප්‍රකාශ ලබාගෙන තිබෙන බව සඳහන්.

ඒ අනුව අඳාළ පටිය සිය නිවසේ සිට ගෙන්වා ගැනීම ඔහු කල් තියාම සියදිවි හානි කරගැනීමට සැලසුම් කළ බව තහවුරු කිරීමට ප්‍රබල සාක්‍ෂියක් වනු ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

අබිරහසක් ඉතිරි කරමින් කපිල චන්ද්‍රසේන සමුගනියි

අබිරහසක් ඉතිරි කරමින් කපිල චන්ද්‍රසේන සමුගනියි

කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ ගෙලේ තිබී සොයාගත් පටියේ කොටස් බාන්ස් පෙදෙසේ නිවසින් ගෙන්වා ගත් පටිය බව පොලිසිය විසින් හඳුනාගෙන ඇති බව වාර්ත වේ.

එසේම එය රැගෙන ආ සේවකයා පොලිසියට පවසා ඇත්තේ කපිල චන්ද්‍රසේන මහතා තමන්ට අයත් ඇඳුම් කිහිපයක් සමඟ මෙම පටිය ද ගෙන්වාගත් බවයි. අඳාළ පටිය කපිල චන්ද්‍රසේන මහතා “ජිම්” එකට (ශරීර අභ්‍යාසවල නිරතවන ස්ථානය) නිතර රැගෙන යන බැවින් එය රැගෙන ඒමට කීම පිළිබඳව තමා සැක නොකළ බවද සේවකයා සඳහන් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද පොලිසිය සැක කරන්නේ කපිල චන්ද්‍රසේන මහතා ගෙල වැලලා ගැනීමට කල් තියාම සැලසුම් කරගෙන සිටීම නිසා මෙම පටිය සිය නිවසේ සිට ගෙන්වා ගන්නට ඇති බවයි.

පාසලක් කළඹමින් උඩ තට්ටුවෙන් පැන සියදිවි නසාගත් බව කියන සිසුවාගේ මරණය ගැන භයානක අනාවරණයක්

පාසලක් කළඹමින් උඩ තට්ටුවෙන් පැන සියදිවි නසාගත් බව කියන සිසුවාගේ මරණය ගැන භයානක අනාවරණයක්

එහෙත් කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (10දා) වනතුරුත් ස්ථිර නිගමනයකට එළඹ නැත.

ඔහුගේ සිරුරේ කොටස් විශේෂ රසායනාගාර පරීක්‍ෂණයක් සඳහා මෙම මරණ පරීක්‍ෂණය පැවැත්වූ වෛද්‍ය මණ්ඩලය විසින් යොමු කර තිබෙනවා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් පවසන්නේ එම රසායනාගාර පරීක්‍ෂණය අනුව මෙම මරණය සිදුවූ ආකාරය පිළිබඳව නිවැරදිව තහවුරු කරගැනීමට හැකි වනු ඇති බවයි.

අඳාළ මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ චෝදනා එල්ල කරමින් සිටියද මරණය කුමන අයුරකින් සිදුවී ඇත්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වර්ෂයේදී එයාර් බස් ගුවන් යානා 14ක් මිලදී ගැනීමේදී ඩොලර් ලක්‍ෂ 20 ක අල්ලස් මුදලක් ලබාගත් බවට කපිල චන්ද්‍රසේන මහතාට චෝදනා එල්ල වී ඔහුව අත්අඩංගුවට ගෙන දින 54 ක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර ඔහුව ඇප මත මුදාහරිනු ලැබුවේ පසුගිය 06 වැනි දිනයි.

දිවයිනට රැගෙන ආ බටුවත්තේ චාමර දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ අපරාධ කොට්ඨාශයට

දිවයිනට රැගෙන ආ බටුවත්තේ චාමර දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ අපරාධ කොට්ඨාශයට

එහෙත් ඇප ලබා ගැනීමේදී ැප කොන්දේසි කඩ කිර්‍ර්මක් වාර්තා වීමත් සමඟ ඔහුට නැවත වරෙන්තු නිකුත් කර තිබුණා. එවන් පසුබිමක ඉකුත් 08 වැනිදා උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ නිවසක තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන පවත්ව අතර කපිල චන්ද්‍රසේන මහතාට අවසන් වරට දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයන් පිළිබඳව ද පොලිසිය දැඩි අවධානය යොමු කරයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳ සහ නිවසේ සිටි සේවකයන්ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටි නිවස සහ ඒ අවට සියලුම සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කිරීමට පොලිසිය කටයුතු කර ඇත.

එහෙත් සැකකටයුතු කිසිවකු මෙම නිවසට ඇතුළු වූ බවට කිසිදු සාක්‍ෂියක් ලැබී නොමැති බවට වාර්තා වේ.

වරදක් වෙලා නෑ..දණ්ඩ නීතියෙන් දඬුවමුත් නෑ - හයේ මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කළ සිද්ධියේ අවසන් වාර්තාව

වරදක් වෙලා නෑ..දණ්ඩ නීතියෙන් දඬුවමුත් නෑ - හයේ මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් කළ සිද්ධියේ අවසන් වාර්තාව