හොරු රකින්න ජනතාවට උවමනාවක් නෑ.. හොරු කලබලයි - මහින්දට අනුර කියපු කතාව

Report

ජනතාවට කිසිදු කලබලයක් හෝ භීතියක් නොමැති බවත්, බියට හා කලබලයට පත්ව සිටින්නේ හොරු, වංචනිකයින් සහ අපරාධකරුවන් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමිනි.

මෙය නව තත්ත්වයක් නොවන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද කලබල වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එහිදී තමන් කළ කටයුතු සම්බන්ධයෙන් අදාළ ආයතන හමුවේ ප්‍රකාශ ලබාදීම පමණක් සිදුවිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

කවුරුත් නොදන්න රාජපක්ෂ - සජිත් සම්බන්ධය - රාජපක්ෂ පවුලේ නඩු ගැන කියද්දී සජිත්ට රිදෙන හේතුව?

කවුරුත් නොදන්න රාජපක්ෂ - සජිත් සම්බන්ධය - රාජපක්ෂ පවුලේ නඩු ගැන කියද්දී සජිත්ට රිදෙන හේතුව?

තවද, හොරුන් සහ අපරාධකරුවන් ආරක්ෂා කිරීම ජනතාවට අවශ්‍ය නොවන බවද ඔහු අවධාරණය කළේය.

ජනතාවගේ ජීවිත මේ වන විට සුරක්ෂිතව පවතින බවත්, ජනතාවට කිසිදු ප්‍රධාන ගැටලුවක් නොමැති බවත් සඳහන් කළ ඔහු, වත්මන් ආණ්ඩුව ජනවරම ආරක්ෂා කරමින් කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් පැවසීය. 

නයා සහ මුගටියා දැන් එකම පිඟානේ - රෝහිතගෙන් දේශපාලන වේදිකාව ගිනියම් වේ

නයා සහ මුගටියා දැන් එකම පිඟානේ - රෝහිතගෙන් දේශපාලන වේදිකාව ගිනියම් වේ