මහනුවර භීතියට පත් කරමින් ඝාතන වැලක සුලමුල එළියට - තාත්තයි පුතයි එකතුවෙලා පැති දෙකක කාන්තාවන් මරලා
මින් පෙර ගෙල කපා යාචක කාන්තාවක් ඝාතනය කර පොලීසියට භාර වූ 30 හැවිරිදි තරුණයා අංකුඹුර ගල්කන්ද නිවසකදී කාන්තාවකගේ හිසට පිහියකින් පහරදී මරාදමා සිරුරට ගිනි තැබීමේ සිද්ධියටද සම්බන්ධ බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කර ගෙන ඇත.
ඒ අනුව පොලීසිය වාර්තා කරන්නේ අංකුඹුර පොලිස් වසමේ ගල්කන්ද ප්‍රදේශයේ නාය යෑමේ අවදානමකට ලක්ව තිබූ නිවසක අභිරහස් ලෙස ඝාතනය කර තිබූ අවුරුදු 18-30 අතර වයසේ පසුවන කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් ද මොහු සම්බන්ධ බවයි.
ඒ මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 73 හැවිරිදි පුද්ගලයා හා මෙම තරුණයා ඉතා සමීප ඇසුරක් පවත්වමින් එකම නිවසේ ජීවත්ව සිට ඇති බව හෙළි වීමත් සමඟයි.
අංකුඹුර ඝාතනය සම්බන්ධයෙන් 73 හැවිරිදි හිටපු බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන දින දෙකකින් පසුව මෙම තරුණයා අරුප්පොළ ප්‍රදේශයේ මහවැලි ගං ඉවුරේදී යාචක කාන්තාව ඝාතනය කර තිබෙනවා.
මෙම සිද්ධියෙන් පසු මහනුවර පොලීසියට පැමිණ පාපොච්චාරණයක් කරමින් ඔහු කියා ඇත්තේ ණයට ඉල්ලා ගත් රුපියල් ලක්ෂයක මුදලින් හිඟ මුදල ඉල්ලා නිතර කරදර කිරීම හේතුවෙන් ඇයව ඝාතනය කළ බවයි.
එහෙත් යාචක කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මහනුවර පොලීසියේ අපරාධ අංශය සැකකරුගේ ප්‍රකාශ තුළින් ඔහු අංකුඹුර ගල්කන්ද ප්‍රදේශයේ සිදුවූ ඝාතනයටද සම්බන්ධ බවට තොරතුරු හෙළි කරගෙන ඇත. අඳාළ ප්‍රකාශ අනුව ගල්කන්ද ප්‍රදේශයේ නිවසකදී ඝාතනයට ලක්ව ඇත්තේ ද යාචක කාන්තාවක් බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
කාලයක් ලොතරැයි අළෙවි කර තිබෙන 30 හැවිරිදි සැකකරු අංකුඹුර ගල්කන්ද ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කළ බවට සැක කෙරෙන 73 හැවිරිදි පුද්ගලයාට තාත්තා යනුවෙන් ආමන්ත්‍රණය කරන බවද පොලීසිය සඳහන් කරයි.
මෙම යාචක කාන්තාව ඝාතනයේ සැකකරු ඔහුගේ මව හා අංකුඹුර ඝාතනයේ සැකකරු ගොහාගොඩ තේක්කවත්ත ප්‍රදේශයේ නිවසක එකට වාසය කර ඇති බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
දිට්වා ගිහින් මාස ගාණකට පස්සේ ඇහෙන ඇඟ හිරි වැටෙන ඛේදවාචකයක් - ආපදාව මැද කරපු අහස පොළොව නුහුළන අපරාධයකට හිටපු ලොක්කෙක් අත්අඩංගුවට
පොලීසිය සඳහන් කරන්නේ අංකුඹුර ගල්කන්ද නිවසේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර නියාමකවරයා සොරකම් 15 ක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 17 ක සිරදඬුවම් විඳ 2019 දී නිදහස්ව පැමිණ ඇති බවයි.
එමෙන්ම යාචක කාන්තාවක් රැගෙන තමන්ද පියා සමඟ අංකුඹුරට ගිය බව 30 හැවිරිදි සැකකරු පොලීසියට කියා ඇති අතර, ඔහු තරමක මන්ද මානසික තත්ත්වයකින් පෙළෙන බැවින් අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදු කරන බව ද පොලීසිය ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් අරුප්පොළ ගං ඉවුරේදී ඝාතනයට ලක්වූ යාචක කාන්තාවක පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැත.
මේ අතර මහනුවර ඔරලෝසු කණුව අසළ ඇය සමඟ යාචක වෘත්තියේ නිරත වූ පිරිසකගෙන් පොලීසිය ප්‍රකාශ ද සටහන් කරගෙන ඇති බව සඳහන්.