ට්‍රම්ප්ගෙන් තවත් රටකට 25% තීරු බද්දක් - තරු විසිවෙන නිවේදනයක්

Report

දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත.

දකුණු කොරියාව ඉකුත් වසරේ වොෂින්ටනය සමඟ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකිරීම නිසා සෝල් ව්‍යවස්ථාදායකයට චෝදනා කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙසේ බදු ඉහළ දමා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර ඇත්තේ මෝටර් රථ, දැව සහ ඖෂධ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා මෙසේ 15% සිට 25% දක්වා බදු ඉහළ දමා ඇති බවයි.

කෙසේ වුවද මෙම බදු ඉහළ නැංවීම පිළිබඳව තමන්ට නිල දැනුම්දීමක් සිදු කර නොමැති බව දකුණු කොරියාව පවසයි.

ට්‍රම්ප් සීමාව ඉක්මවයි - ලෝකෙම හෙල්ලෙන 100%ක බද්දක්

ට්‍රම්ප් සීමාව ඉක්මවයි - ලෝකෙම හෙල්ලෙන 100%ක බද්දක්

එමෙන්ම ඒ සම්බන්ධයෙන් වොෂින්ටනය සමඟ කඩිනම් සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවද ඔවුන් දක්වයි.

එසේම මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දකුණු කොරියානු කර්මාන්ත අමාත්‍යවරයා, අමෙරිකානු වාණිජ ලේකම්වරයා හමුවීමට නියමිතව ඇති බවට ද තොරතුරු සඳහන්.

ඉකුත් ඔක්තෝබර් මාසයේදී දෙරට අතර ඇති කරගත් ගිවිසුමකට අනුව දකුණු කොරියාව අමෙරිකාවේ ඩොලර් බිලියන 350ක ආයෝජනයක් කිරීමට එකඟ වී තිබූ බව සඳහන්.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම තීරණයත් සමඟ දකුණු කොරියානු කොටස් වෙළඳපොළේ ප්‍රධාන අපනයන සමාගම්වල කොටස් මිල පහත වැටී ඇති බවයි.

ශිරන්ති රාජපක්ෂට බේරුමක් නෑ - අද FCID යෙන් කැඳවීමක්

ශිරන්ති රාජපක්ෂට බේරුමක් නෑ - අද FCID යෙන් කැඳවීමක්

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ