ස්ථීර සේවකයින් 5000ක් ඉවතට - පිරිසකගේ වැටුප් වර්ධක සහ දීමනාත් කපලා..
විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා ස්ථීර සේවකයින් 5000 ක් ඉවත් කර තිබෙනවා.
ඒ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ය.
එමෙන්ම ඉදිරියේ දී අත්‍යවශ්‍ය පිරිස පමණක් සේවයෙහි යෙදවීමට පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
මේ අතර, ලබන වසරේ දී විදුලි බල මණ්ඩලයේ සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් සඳහා ලබාදීමට ගිවිසුම්ගතව තිබූ 25%ක වැටුප් වර්ධකය සහ දීමනා ලබාදීම ද අහෝසි කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
