පෙට්‍රල් සහ ඩීසල් ගැන සුභ පණිවිඩයක් බලශක්ති අමාත්‍යවරයාගෙන්..

By krishani May 21, 2022 02:49 AM GMT
Report

පෙට්‍රල් සහ ඩීසල් රැගත් තවත් නෞකා 2ක ගොඩබෑමේ කටයුතු අද(21) ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් පවසයි.

දිවයින පුරා පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙහි සම ලේකම් ශාන්ත සිල්වා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ය.

ඉන්දීය ණය ආධාරය යටතේ මෙරටට ළගාවූ නෞකාවෙන් ගොඩබාන ලද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 28,000 ක බෙදා හැරීම් මෙලෙස සිදු කෙරෙයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 19,000 ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9000ක් ඛනිජ තෙල් සංස්ථාවේ තොග ගබඩා පර්යන්තය සිට දිවයින පුරා පිරවුම් හල් වෙත මෙලෙස බෙදාහැරෙනු ඇති.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join