බලශක්ති අමාත්‍යවරයා IOC නිලධාරින් හමුවෙයි..

Kanchana Wijesekera Lanka IOC Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani Aug 19, 2022 04:26 AM GMT
krishani

krishani

Report

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකා අයි.ඕ.සී. සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන නිලධාරීන් ඊයේ (18) හමු වී තිබේ.

එම හමුවේදී බලශක්ති ක්‍ෂේත්‍රයේ ඉදිරි වැඩපිළිවෙල, ඉන්ධන අර්බුදය සහ ජාතික ඉන්ධන අවසර පත් ක්‍රමවේදය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් අයි.ඕ.සී. සමාගමේ කළමනාකාරීත්වය සහ නිලධාරීන් දැක්වූ සහයෝගය එහිදී අමාත්‍යවරයාගේ පැසසුමට ලක්වුණ අතර ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද එම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join