ඇමරිකානු ජනපති තෝරන සටන අනිද්දා..ලෝකයේම අවධානය ඇමරිකාවට යොමුවෙයි.
By Aruna
ඇමරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීම අනිද්දා (05) දින පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා.
ඇමරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීම වෙනුවෙන් ඩිමොක්රටික් පාලක පක්ෂයේ අපේක්ෂිකා කමලා හැරිස් සහ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට කරට කර තරගයක සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරන ලදී.
මැතිවරණ ප්රචාරක කටයුතු මේ වන විට පවතින්නේ, අවසන් අදියරේය.
විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේ, එරට බොහෝ දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සදහා වැඩි උනන්දුවක් දක්වන බවයි.