සුසාන භූමියට ට්‍රක් රථයක් කඩා වැදීමෙන් 5 දෙනෙකු මිය ගොස් 25 දෙනෙකු රෝහලට..
ගිනිකොනදිග තුර්කි පළාතේ Kahramanmaras හි අවමංගල්‍ය උත්සවයකදී සුසාන භූමියට ට්‍රක් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ට්‍රක් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී එය සුසාන භූමිය දෙසට ධාවනය වූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
එම අවස්ථාවේ බොහෝ පිරිසක් සුසාන භූමියේ රැස්ව සිට ඇති බව සඳහන්.